Useless Humans (2020) Sinhala Subtitles සිංහල උපසිරැසි සමග

3 votes, average 4.0 out of 10

A thirtieth birthday — and the survival of mankind — are left hanging in the balance after a mysterious creature crashes the party, forcing four childhood friends to save the night.

කතාව ගැන

හොදයි මේකෙ කතාව ගැන කිව්වොත් මේකෙ ඉන්නවා මොන්ටිසොරි කාලෙ ඉදලම එකට ඉන්න යාලුවො 4 දෙනෙක්. බ්‍රයන්, ඇලෙක්ස්, ජෙස්,ලුවිස්  කියන්නෙ මෙයාලට.මෙයාල පොඩි කාලෙ ඉදලම බ්‍රයන්ගෙ උපන්දිනේට එකට එකතුවෙලා පාටියක් දානවා.

ඉතින් මෙයාලට ස්කෝලෙන් අයින් උනාට පස්සෙ රස්සාවලට යන්න ගත්තම මෙයාලට එකට එකතු වෙන්න අවස්ථාවක් ලැබෙන්නෙ නෑ..මෙයාල ඒත් හැම අවුරුද්දෙම වගේ මෙයාලගෙ විස්තර කියල වීඩියෝ කෝල් එවනවා.ඉතින් මෙහෙම යද්දි මෙයාල 2020දි තීරනය කරනව එකට එකතුවෙලා පාටියක් දාන්න.

මේ වෙද්දි දේවල් ගොඩක් වෙනස්වෙලා.ජෙස්ට පෙම්වතෙක් ඉන්නවා,බ්‍රයන්ව රස්සාවෙන් අස් කරල ලුවිස් කසාද බැදල නිවුන්නු දෙන්නෙක්ව හම්බෙලා,ඇලෙක්ස් ඉන්නව ආතල් එකේ.ඉතින් මෙයාල මේ පාටියට ඇවිල්ල ආතල් එකේ ඉන්නකොට එකපාරටම කරන්ට් යනව.

බ්‍රයනුයි,ජෙස්ගෙ පෙම්වතා සැකරියි මොකද උනේ බලන්න ගබඩාවට යනවා,මෙතනදි මෙයාල දකිනවා.අමුතු රාක්ෂයෙක් වගේ එකෙක්ව.මූව දැක්කම සැකරි බය වෙනවා.ඉතින් මෙයා ඒ වෙලාවෙම ගෙදර යන්න හිතාගෙන කාර් එකට නගිනවා.ඒත් මෙයාට යන්න ලැබෙන්නෙ නෑ.

පස්සෙ කට්ටිය දැනගන්නවා මූ පිටසක්වලෙක් කියල,තව මේ පිටසක්වලයා පෘථිවිය විනාශ කරන්න බෝම්බයක් තියාගෙන ඉන්නව කියලත් දැනගන්නවා.ඉතින් මෙයාල තීරණය කරනව ඌව නවත්තන්න ඒත් ලුවිස් බයවෙලා යනව යන්න.

මෙයාල තනියම ගබඩා කාමරේ තිබ්බ ආයුධ අරන් සටන් කරද්දි මෙතෙන්ට එනවා.මූව මරන්න කුලියට ගත්ත දෙන්නෙක්.හොදයි මේ දෙන්නත් එක්ක අර තුන්දෙනා සැලැස්මක් ගහනවා.ඒත් ඒ සැලැස්ම අවුල්වෙනවා.මොකද ලුවිස් ආපහු අන්තිම මොහොතෙදි යාලුවො බේරගන්න එන නිසා.පස්සෙ මෙයාල පිටසක්වලයව නවත්තල ලෝකෙ බේරගන්නව.

උපසිරැසිය ගැන

මේ කතාවෙ හැමතැනම කුණුහර්ප තියෙනව. මං පුලුවන් තරම් ඒවා අයින් කරල තමා සබ් එක හැදුවෙ ඒත් තව ගොඩක් මං එහෙම්ම දැම්ම ඒව අයින් කලොත් කතාවෙ ෆන් එක යනවනෙ.ඉතින් ඔයාලට කාලෙකට පස්සෙ බඩ අල්ලන් හිනාවෙන්න පුලුවන් සුපිරි ෆිල්ම් එකක් තමා මේක.

වෙනදා වගේම මං සමිත අයියට ගොඩාක් ස්තූති කරනව..ඒ අයියා මට ගොඩක් උදව් කලා.ඕනෙ වෙලාවක දන්නැති දෙයක් කියල දෙනව.තව අපේ අංජුල සහෝදරයවත්,අශේන් සහෝදරයවත් මතක් කරන්නම ඕනෙ ..ඔයාල හැමෝටම ආදරෙයි

මං ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනව මේ ලස්සන ෆිල්ම් එක බලල ටිකක්හරි හිනාවෙන්න කියල..මං නවතිනවා එහෙනම් හැමෝටම ස්තූතියි.  (sineru.lk)

Posted on:
Views:241
Year:
Duration: 77 Min
Release:
Language:English
Director:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *